© BBC News සිංහලඔබ මියගිය පසු මිනිසුන් ඔබ ගැන සිහිපත් කරනු ඇත්තේ කුමක් ද?
අප ඉතිරි කර යන උරුමය පිළිබඳව සිතා බැලීම අපගේ මානසික සෞඛ්යය වැඩිදියුණු කර ගැනීමට සහ ජීවිත කාලය තුළ වඩාත් අර්ථවත් බවක් සොයා ගැනීමට උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. අප තවමත් තරුණ වයසේ පසුවන්නේ නම් පවා එය වැදගත් වනු ඇත.
මුල් පුවත කියවන්න
© BBC News සිංහලරුසියාවේ වසංගත රෝග පිළිබඳ රසායනාගාරයක තාක්ෂණවේදිනියකගේ මරණයෙන් පසු 'ඇමෙරිකාව දැඩි අවධානයෙන්'
සයිබීරියාවේ වසංගත රෝග පර්යේෂණ මධ්යස්ථානයක සේවය කළ රුසියානු රසායනාගාර තාක්ෂණවේදිනියකගේ මරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය 'ඉතා දැඩි අවධානයකින්' පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
මුල් පුවත කියවන්න
© BBC News සිංහලසිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
මුල් පුවත කියවන්න
© BBC News සිංහලමිථ්යාවෙන් ඔබ්බට: යටිපතුලට රතු ලූනු තැබීමෙන් සෙම්ප්රතිශ්යාව සුව කළ හැකි ද?
අලිඅම් නම් එළවළු කුලයට අයත් වන ලූනු සෞඛ්ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස සකස් කර ගත හැක. නමුත් ශරීරයේ විෂ ඉවත් කිරීමට හෝ ආසාදනයක් සුව කිරීමට ඒවාට හැකියාව ඇතැයි පැවසීම ඊට වඩා බෙහෙවින් වෙනස් බව ඇමරිකානු වසංගත රෝග විද්යාඥවරියක සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්ය කේටි සුලේටා පවසයි.
මුල් පුවත කියවන්න
© BBC News සිංහලඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නව නීති දැන් ක්රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?
මුල් පුවත කියවන්න
© BBC News සිංහලඅන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමෙන් ඔබේ සෞඛ්යයට ලැබෙන ප්රතිලාභ
අප මෙහි සාකච්ඡා කරන්නේ නවීනතම ආහාර පාලන ක්රමයක් ගැන නොව මානව වර්ගයාගේ ඉතා පැරණි පුරුද්දක් පිළිබඳව ය: එනම් අන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමේ ක්රියාවලියයි. "ආහාර බෙදා හදා ගැනීම කියන්නේ අන් අය සමග බැඳීම් ඇති කර ගැනීමට, විශ්වාසය ගොඩනගා ගැනීමට සහ අනෙක් අය සමග සම්බන්ධවීමට ඇති අත්යවශ්ය ක්රියාවලියක්," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව සහ චර්යාත්මක විද්යාව පිළිබඳ මහාචාර්ය ජෝ-එමානුවෙල් ඩි නීව් පවසයි. එය අපගේ යහපැවැත්මට ප්රබල බලපෑමක් ඇති කරයි.
මුල් පුවත කියවන්න
© BBC News සිංහලපිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව වැඩි ද?
"මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ." ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි. 2015 වසරේදී ඔහු මෙම ප්රකාශය කරමින්, එම ප්රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්රිතාන්ය ජාතික දුර දිවීමේ ක්රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.
මුල් පුවත කියවන්න