කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු අල්ලයි
මෙරට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඇතෙකු වූ කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකකරන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය හා වනජීවීය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සැකකරු ගල්ගමුව, හුණුලෑල්ල ප්ර දේශයේදි ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයද සම්බන්ධ වී තිබේ.






